-->

ETD

ETD

Fuel shortage posture plan revealed

ඉන්ධන මිල අඩු කිරීමෙන් පසු රටතුළ කෘතිම ඉන්ධන හිඟයක් මවා පෑමට ඇතැම් පිරිස් සැලසුම් කරමින් ඇතැයි තමන් වෙත තොරතුරු ලැබුණු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසනවා.
 
ඒ අනුව යම් තැනැත්තෙකු එවැනි අකටයුතුකම් සිදුකළහොත් ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ. 


අපේ රජය පොරොන්දු වූ පරිදි ඩිසල්, පෙට්‍රල්, භූමිතෙල් බදු අනාගතයේ ඉවත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි සියලුම බෙදාහරින්නන්ගෙන් ඉල්ලා සිටිනවා කෘතීම හිගයන් ඇති කරන්න ලැහැස්ති වෙන්න එපා. ඒ පිලිබදව අපි දැඩිව ක්‍රියා කරනවා. ඒ වගේම අපි සේවකයා මහතුන් සියලු දෙනාම එක පවුලක් ලෙස මේ ආයතනය ගොඩනගන්න කැපවෙලා වැඩ කරමු.



ඛනිජ තෙල් සංස්ථාවේ මීට පෙර සිදුවු වංචා සම්බන්ධයෙන් ද දැඩි පියවර ගන්නා බව අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා නැවත අවධාරණය කළා. හෙජින් ගිවිසුම සම්බන්ධයෙන් එහිදී ප‍්‍රමුඛතාවක් ලබාදෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. 


දැන් ඒ පිළිබද පැමිණිල්ලක් තිබෙනවා. එහි ප්‍රධාන ඉලක්කකය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට වුනු විශාල පාඩුව. ඉතින් තවමත් අපට ඉදිරියට ගෙවන්න තිබෙනවා. මේවා අවසානයයේ මහජනයා ගෙවන්නේ. වැරදි කල අයට දඩුවම් ලැබිලා නැහැ. ඒ පිළිබද ප්‍රධාන අවධානය යොමු කරනවා. 


විදුලිබලාගාර සඳහා ගල් අඟුරු මිලදී ගැනීමේ දී සිදුවු වංචා සම්බන්ධයෙන් ද ඉකුත් සමයේ ප‍්‍රබල කථාබහක් ඇතිවුණා. ඊට අදාලව ද විධිමත් විමර්ශනයන් සිදුකර වගකිව යුතු පුද්ගයින් රටට හෙලිකරන බවයි අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා මෙම සංවාදයේ දී වැඩිදුරටත් කියා සිටියේ. 

My Blogger Tricks

 
All the content on this website is copyright Faster Gossip.info only helps you discover publicly available News. We do not host and is not responsible for the content. These news are provided and hosted from a third party server.
ETD